Friday, May 1, 2020

1. දිනෙන් දින දියව යන කොටු බැම්ම
















කාලය ඉගිල යන ඉක්මන.
මා කොට්ටේ පෙදෙස පලමුව දකින්නේ මීට වසර 38 කට පෙරාතුව.
1982 වසරේදී.
එකල පිට කොට්ටේ යනු කුඩා කඩ මණ්ඩියක් විතරයි.
ජේ ආර් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව කොට්ටේට ගෙන එන තෙක් එය ලංකා සිතියමේ  තවත් එක් පුංචි තිතක්ම විතරක් වන්නට තිබුනා.

මා නැවතුනේ මගේ මිත්‍රයෙකුගේ නවාතැනකම වෙනත් කුටියක.
පාසල් වයසේ සිටි අප හට නිවාඩු අඩු පාඩු නැතිව.
ඔහුත් සමග කෝට්ටේ නොගිය තැනක් නැති තරම්.
ඒ කාලේ කොටු බැම්ම කියන්නේ සිත් පැහැර ගත් දසුනක්.

ආයෙත් මම මතක් කරණ්නම්
කාලය ඉගිල යන ඉක්මන.
මාස කිහිපයකට පෙර මට ලබුනා විවේකයක් යලිත් යන්නට අතීතයට.
අද ඒ මතකයට වී ඇති දේ දුටු විට හිතට දැනුනු දේ ඔබම සිතා ගන්න.




තවත් කාලයකදී මෙයවත් ඉතුරු වේද?


පුරාණ කොට්ටේ ගැන සොයා බැලිය හැකි තැනකට යොමුවක්:
https://www.archaeology.lk/5706

- ශ්‍රී නාත්.

2 comments:

  1. කෝට්ටේ කෞතුකාගාරය බලල තියනවද? කෞතුක වස්තු හුගක් නෑ. අමුතු දේවල් කීපයක් තියනව . සොහොන්වලින් හමුවුන බ්ලොන්ඩ්, රෙඩ්, ඕබර්න් පාට කෙස් වගේ දේවල්

    ReplyDelete
    Replies
    1. කොට්ටේ පැරනි නටබුන් පිරුණු නගරයක්.
      එහෙත් ඒවා ඉතාමත් නොසැලකිලිමත් ලෙසට මිනිසුන් විසින් අපයෝජනය වෙලා.
      ඔබට කියන්න අද අප ඉතාමත් වෙහෙස මහන්සිවී සොයා ගන්නා කිසියම් පෞරානික ඉඳිකිරීමක් වෙතොත් පසු දින වන විට එය ගලවා ඉවත් කරලා.
      මේ පලාත බොහෝ සෙයින් ජනගහනය වැඩිවී තිබෙනවා.
      ඒ නිසාම ඉඩම් වල වටිනාකම බොහෝ සෙයින් ඉහල ගොහින්.
      තමන් අමාරුවෙන් ලබා ගත්තු ඉඩමේ නිවසක් හැදීමට යාමේදී කිසියම් එවැණි පැරණි උරුමයක් මතු වුවහොත් එය එම ඉඩම් හිමියා විසින් දකින්නේ "හූනියමක්" නො එසේනැත්නම් සාපයක් ගොඩ ගත් ලෙසින්.
      මෙහිදී පුරා විද්‍යා දෙපාර්ථ මේන්තුවට මහත්වූ කර්තව්‍යයක් තියෙනවා ඉෂ්ඨ සිද්ධ කරණ්න.
      ඒ අය පරණි ඕලන්ද සිතියම අනුසාරයෙන්; ඒ පෑරණි නටබුන් සොයාගෙන හඳුනාගෙන සංරක්ෂණය කල යුතු වෙනවා.
      මේ සම්බන්ධයෙන් ඉතාමත් ක්‍රියාකාරී ස්වෙච්ඡා සංවිධානයක් තියෙනවා kotte heritage foundation කියලා.
      ඒකෙ වත් පොත් ගිනුමක්ද තියෙනවා ඒ නමින්.
      එහි සභාපති වන්නේ ප්‍රසාද් ෆොන්සේකා මහතා.
      පොඩ්ඩක් සොයා බලන්න.
      මට පෙනෙන්නේ ඔබත් මෙවන් කටයුතු වලට උනන්දුවක් ඇති කෙනෙක් ලෙසටයි.
      බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට.

      Delete